Home COVID කොවිඩ් එන්නතට රජයෙන් ඩිජිටල් හැඳුනුම්පතක්

කොවිඩ් එන්නතට රජයෙන් ඩිජිටල් හැඳුනුම්පතක්

කොවිඩ් එන්නතට රජයෙන් ඩිජිටල් හැඳුනුම්පතක්

කොවිඩ් එන්නත්කරණයේ තොරතුරු ඇතුළත් ඩිජිටල් හැඳුනුම්පතක් මහජනතාවට අලුතින් නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සඳහන් කරයි.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සෞඛ්‍යය අමාත්‍යංශය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ පසුගියදා කළ සාකච්ඡාවක ප්‍රතිඵල අනුව මෙම තීරණය ගෙන ඇත.

කොවිඩ් එන්නත්කරණය පිළිබඳ සියලු තොරතුරු මෙම නව ඩිජිටල් හැඳුනුම්පතට ඇතුළත් කිරීමට නියමිතය.

කොවිඩ් එන්නත් වර්ගය එය එන්නත් කළ දිනය, ස්ථානය, වේලාව මෙන්ම දෙවන මාත්‍රාව නිකුත් කිරීමට අදාළ සියලු තොරතුරු මෙම නව හැඳුනුම්පතට ඇතුළත් වේ.

සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති අනුව යමින් ජනතාවට ඇතිවන එන්නත්කරණය පිළිබඳ දුෂ්කරතා මෙමගින් මගහැරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here