Home උණුසුම් පුවත් ශ්‍රීලංකා කිමිදුම්කරුවන් ඇතුළු කණ්ඩායමක් චීනයේ මුහුදුබත් යාත්‍රාවකින් මළසිරුරු 7ක් සොයාගනී

ශ්‍රීලංකා කිමිදුම්කරුවන් ඇතුළු කණ්ඩායමක් චීනයේ මුහුදුබත් යාත්‍රාවකින් මළසිරුරු 7ක් සොයාගනී

ශ්‍රීලංකා කිමිදුම්කරුවන් ඇතුළු කණ්ඩායමක් චීනයේ මුහුදුබත් යාත්‍රාවකින් මළසිරුරු 7ක් සොයාගනී

මධ්‍යම ඉන්දියන් සාගරයේ දී පෙරළුණු චීන ධීවර යාත්‍රාවක තිබී මළ සිරුරු හතක් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක කිමිදුම්කරුවන් කළ ඒකාබද්ධ මෙහෙයුමකදී සොයා ගත් බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා පවසයි.

ශ්‍රී ලංකා කිමිදුම්කරුවන් නෞකාවේ මැදිරියේ තිබී අස්ථි කොටස් සොයාගෙන ගොඩගත් බව චීන ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින සහ පිලිපීනය ඇතුළු රටවල් කිහිපයක් චීනයේ ලුපෙන් යුආන්යු -028 ධීවර යාත්‍රාව පෙරලීමෙන් පසු අතුරුදන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් 39 දෙනෙකු බේරා ගැනීමේ ප්‍රයත්නයන්ට එක් වී ඇත.

චීන ජනාධිපති ෂී ජින්පින් විසින් අතුරුදහන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් බේරා ගැනීමට සහ සොයා ගැනීමට පූර්ණ සෝදිසි කිරීම්වලට නියෝග කිරීමෙන් දින කිහිපයකට පසුව මෙම සිරුරු සොයාගෙන තිබුණි.

මෙම යාත්‍රාව ෂැන්ඩොං පළාතේ පිහිටි පෙන්ග්ලයි ජින්ග්ලු ධීවර සමාගමට අයත් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සමාගම තවමත් ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

මුලින් යානයේ සිටි පුද්ගලයින් 39 දෙනාගෙන් චීන කාර්ය මණ්ඩල සාමාජිකයින් 17 ක්, ඉන්දුනීසියානුවන් 17 ක් සහ පිලිපීනයේ 5දෙනෙකු සිට ඇත. සොයාගනු ලැබුවේ කුමන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සිරුරු ද යන්න තවම පැහැදිලි නැත.

සුන්බුන් වූ යාත්‍රාව සෙමෙන් නැගෙනහිර දෙසට ඇදී යන බව චීන රාජ්‍ය මාධ්‍ය පවසයි.

චීන රාජ්‍ය මාධ්‍ය පවසන්නේ බෝට්ටුව ගිලී ගිය ස්ථානය ආසන්නයේ තවමත් නැව් 13ක් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here