Home උණුසුම් පුවත් කොටින්ට පණ දෙන්න ගිහින් ඇල්ලූ වෛද්‍ය ශිවරූබන් නැවත සේවයේ පිහිටුවන්නැයි උද්ඝෝෂණයක්

කොටින්ට පණ දෙන්න ගිහින් ඇල්ලූ වෛද්‍ය ශිවරූබන් නැවත සේවයේ පිහිටුවන්නැයි උද්ඝෝෂණයක්

කොටින්ට පණ දෙන්න ගිහින් ඇල්ලූ වෛද්‍ය ශිවරූබන් නැවත සේවයේ පිහිටුවන්නැයි උද්ඝෝෂණයක්
Black and white illustration of a crowd protesting and rioting

එල්.ටී.ටී.ඊ.ය නැවත ප්‍රතිසංවිධානය කිරීමට සූදානම් වූ බවට චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස ලැබූ පලෙයි රෝහලේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා ශීවරූබන් මහතා නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා ඊයේ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

පලෙයි හිටපු අධිකරණ වෛද්‍යවරයාව අත්අඩංගුවට ගනු ලැබුවේ 2019 වසරේ අගෝස්තු 18 වෙනිදාය. ඒ යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ යාපනය ඒකකයේ නිලධාරීන් විසිනි.

අනතුරුව වෛද්‍යවරයා සම සම්බන්ධකම් පැවැත්වූ බව කියන 06 දෙනෙක් අත්අඩංගුවටගත් අතර පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ රැසක්ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් සොයාගත්තේය.

මෙම වෛද්‍යවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයභාරයේ කාලයක් තබාගෙන විමර්ශන පවත්වා තිබුණු අතර පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගතවද සිටියේය. ඔහු ඇප මත නිදහස ලබන්නේ පසුගිය මාර්තු 11 වෙනිදාය.

මේ වන විට මෙම වෛද්‍යවරයා වැඩ තහනමට ලක්ව ඇති අතර ඊයේ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූ පුද්ගලයින් ඉල්ලා ඇත්තේ ඔහු නැවත සේවයේ පිහිටුවන ලෙසය.

මෙම උද්ඝෝෂණය සංවිධානයකර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානයක මූලිකත්වයෙන් පලෙයි ග්‍රාම සංවර්ධන සමිතිවල සාමාජිකයින් පිරිසක් විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here