Home උණුසුම් පුවත් ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවකගේ නිවසේ හොරකමට ඇල්ලූ මෙහෙකාරිය පොලිස් අත්අඩංගුවේදී මරුට

ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවකගේ නිවසේ හොරකමට ඇල්ලූ මෙහෙකාරිය පොලිස් අත්අඩංගුවේදී මරුට

ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවකගේ නිවසේ හොරකමට ඇල්ලූ මෙහෙකාරිය පොලිස් අත්අඩංගුවේදී මරුට

ව්‍යාපාරික කතක් වන ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවකගේ රාජගිරියේ පිහිටි නිවසක සේවය කළ මෙහෙකාරියක් සොරකමක් සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමකින් පසු මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ රාජ් කුමාරි (42) නැමැති කාන්තාවයි. ඇය බදුල්ල නාවලවත්ත දෙමෝදර පදිංචිකාරියකි.

මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල කොටාපාරේ නිවසක සේවයේ නිරතව සිටියදීය.

ආන්දෝලනාත්මක චරිතයක් වන ව්‍යාපාරික කාන්තාව පසුගිය 11 වෙනිදා වැලිකඩ පොලීසියට පැමිණිල්ල කර සුළු වේලාවක් කුළදී මෙහෙකාරියව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන විත් ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

එහිදී පොලිස් නිලධාරීන් ඇගෙන් ප්‍රශ්න කර ඇත්තේ ව්‍යාපාරික කතගේ නිවසේ ඇය සේවය කළ කාලසීමාව තුළ අතුරුදන්ව ඇති මුද්දක් ඇතුළු රන් භාණ්ඩ කිහිපයක් ගැනය.

ඇය දිගින් දිගටම පවසා ඇත්තේ තමන් එවැනි දෙයක් සොරකම් නොකල බවකි.

එහිදී පොලීසිය විසින් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය දැඩිව බියට පත්ව සිට ඇති බවත් පසුව ඇය හුස්ම ගැනීමට අපහසු යැයි කියා තිබෙන බවත් පොලීස් තොරතුරු අනාවරණය කළේය. අනතුරුව ඇයව රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

වැලිකඩ පොලීසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු ප්‍රසිද්ධ වීම වැලැක්වීමට දැඩි උත්සහයක නිරතව සිටින බවක් පෙනෙන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here