
මේ වසරේ මුල් මාස හතර තුළදී විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවූ විදේශ ප්‍රේශණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ඉක්මවාගොස් තිබේ.
මේ වසරේ පළමු මාස හතර තුළදී විදේශගත ශ්‍රමිකයින් ඩොලර් මිලියන 1867.2 ක් මෙරටට එවා ඇති අතර අප්‍රේල් මාසය තුළදී පමණක් ඩොලර් මිලියන 454 ක් එවා තිබේ. එය පසුගිය වසරේ අප්‍රේල් මාසය සමග සන්සන්දනය කර බලන විට සියයට 82.4 ක ඉහළ යාමකි.
මේ වසරේ ජනවාරි මාසයේදී විදේශගත ශ්‍රමිකයින් ඩොලර් මිලියන 427.5 ක මුදලක් එවා තිබෙන අතර එය සියයට 68.8 ක වර්ධනයක් විය. පෙබරවාරි මාසයේදී විදේශගත ශ්‍රමිකයින් එවූ ඩොලර් මිලියන 407.4 පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ශව සියයට 98.6 ක වර්ධනයකි.
පසුගිය මාර්තු මාසයේදී විදේශගත ශ්‍රමිකයින් ඩොලර් මිලියන 568.3 ක මුදලක් එවා තිබුණි. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 78.5 ක වර්ධනයකි.
නීත්‍යානුකූල ක්‍රම හරහා මෙරටට මුදල් එවනු ලබන විදේශගත ශ්‍රමිකයින් සදහා වාහන ආනයන බලපත්‍ර ලබාදීමට, ගුවන්තොටුපොලේදී ලබාදෙන තීරු බදු සහනය ඉහළ දැමීමට මේ වන විට කටයුතු යොදා තිබේ.