Home උණුසුම් පුවත් IMF නිලධාරීන් පිරිසක් අද දිවයිනට

IMF නිලධාරීන් පිරිසක් අද දිවයිනට

IMF නිලධාරීන් පිරිසක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිලධාරීන් කණ්ඩායමක් අද (11) දිවයිනට පැමිණේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම සංචාරය සඳහා සහභාගී වීමට නියමිතය.

මේ වසර අවසානයේ සිදුකිරීමට නියමිත මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට සමගාමීව මෙම සංචාරය සිදුකෙරේ.

මෙම නියෝජිත පිරිස ලබන 23 වන දින දක්වා කාලය තුළ දිවයිනේ රැඳී සිටීමට නියමිත ය.

අදාළ නියෝජිත පිරිස අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here