Home උණුසුම් පුවත් ස්ටේෂන් මාස්ටර්ලා දවසක් වැඩ නෑ

ස්ටේෂන් මාස්ටර්ලා දවසක් වැඩ නෑ

ස්ටේෂන් මාස්ටර්ලා දවසක් වැඩ නෑ

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංකේත වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබේ.

ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රිය දක්වා පැය 24ක කාලයක් දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයෙන් ඉවත් වනු ඇත.

දුෂණ චෝදනා එල්ල වූ නිලධාරියෙකු දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) ලෙස පත් කිරීමට විරෝධය පළ කරමින් සිය සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (RSMU) පවසයි.

අද පැවති එම සංගමයේ විධායක සභිකයින්ගේ රැස්වීමේදී මෙම පියවර කඩිනමින් ඉවත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here