Home උණුසුම් පුවත් ගුරු මාරු ක්‍රියාවලියම අවුල් කරලා – ගුරු සංගම්වලින් චෝදනාවක්

ගුරු මාරු ක්‍රියාවලියම අවුල් කරලා – ගුරු සංගම්වලින් චෝදනාවක්

ගුරු මාරු ක්‍රියාවලියම අවුල් කරලා – ගුරු සංගම්වලින් චෝදනාවක්

විධිමත් ලෙස ගුරුවරුන්ගේ මාරු වීම් සිදුකිරීමට තිබියදී අභියාචනා සලකා බැලීමට බව කියමින් අධ්‍යාපන ලේකම්වරයා කමිටුවක් පත් කිරීම නිසා මුළු මාරු ක්‍රියාවලියම අවුල් සහගත වී ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

ජනප්‍රිය පාසල් කිහිපයක විදුහල්පතිවරුන්ගේ බලපෑමට ගුරු මාරු ක්‍රියාවලිය කඩාකප්පල් වී ඇතැයි ද ඇතැම් විදුහල්පතිවරුන් මාරුවීම් ලැබූ ගුරුවරු නිදහස් නොකරන බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා කීය.

පාසල් තුළ ජාවාරම් කිරීමත් අධ්‍යාපන ක්‍රියාවලිය කඩාකප්පල් වීමටත් හේතු වී ඇත්තේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් එකම පාසලේ වසර දහයකට වැඩි කාලයක් රැඳී සිටීම බව ද ස්ටාලින් මහතා කීය.

ගුරු මාරු 17 වැනි දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ නමුත් එය පමා වෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here