Home උණුසුම් පුවත් ස්ථානමාරුවලට එරෙහිව අජිත් රෝහණ – ප්‍රියන්ත වීරසූරිය හඬ අවදිකරයි

ස්ථානමාරුවලට එරෙහිව අජිත් රෝහණ – ප්‍රියන්ත වීරසූරිය හඬ අවදිකරයි

0
ස්ථානමාරුවලට එරෙහිව අජිත් රෝහණ – ප්‍රියන්ත වීරසූරිය හඬ අවදිකරයි

සේවා අවශ්‍යතා මත යැයි කියා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකුට පොලිස් මූලස්ථානය විසින් ඊයේ ස්ථානමාරුවීමේ නියෝගයක් නිකුත් කරනු ලැබීය.

මෙම ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් පැන නැගී ඇත.

මෙහිදී දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු මේ වන විටත් තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුවීම්වලට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාවට ලිඛිත අභියාචනා ඉදිරිපත්කර ඇත.

ඒ හැරුණුකොට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටද ලිපියක් යොමුකරමින් සඳහන්කර ඇත්තේ මෙම ස්ථානමාරුව අනීතික බැවින් තමා එය ක්‍රියාත්මක නොකරන බවය.

පහත දැක්වෙන්නේ ස්ථානමාරුවීම් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නිකුත් කළ නියෝගය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනය සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙපල විසින් පොලිස් කොමිෂන් සභාවට යොමු කළ අභියාචනාත් පොලිස් ලේකම්වරයාට අජිත් රෝහණ මහතා නිකුත් කළ ලිපියත්ය.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/cttm_439.pdf”]

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/Media-on-2023.04.25-at-2305.pdf” title=”Media on 2023.04.25 at 2305″]

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/IMG_20230425_0008.pdf”]

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2023.04.25.pdf”]

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/IMG_20230426_0003.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here