Home උණුසුම් පුවත් ජනසෙත පෙරමුණේ සභාපති අත්අඩංගුවට

ජනසෙත පෙරමුණේ සභාපති අත්අඩංගුවට

0
ජනසෙත පෙරමුණේ සභාපති අත්අඩංගුවට

පොතුහැර අරඹේපොල පිහිටි ගොඩනැගිල්ලක ජපන් වෘත්තීය පුහුණු හා භාෂා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා එම ගොඩනැගිල්ල පිරිසිදු කරමින් සිටි පිරිසකට පහරදී තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් සැකපිට ජනසෙත පෙරමුණේ සභාපති නිලන්ත කුමාර රණසිංහ අත්අඩංගුවට ගෙන ඇත.

නීතීඥවරයෙක් මගින් ඊයේ පොලීසියට භාරවීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බව පොතුහැර පොලීසිය කියයි.

මෙම පහරදීම සිදුකර ඇත්තේ පසුගිය 08 වෙනිදා රාත්‍රී කාලයේදීය. තවත් පිරිසක් සමඟ එම ගොඩනැගිල්ලට කඩාවැදී එහි හිමිකරු ඇතුළු පිරිසකට පහරදෙමින් ඔහු යකානටා ඇතැයි පොලීසිය කියයි.

මෙම සැකකරුව අද පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here