Home උණුසුම් පුවත් අවුරුදු කාලේ දරුවන්ට ගිනිකෙළිවලට ඉඩදෙන්න එපා

අවුරුදු කාලේ දරුවන්ට ගිනිකෙළිවලට ඉඩදෙන්න එපා

අවුරුදු කාලේ දරුවන්ට ගිනිකෙළිවලට ඉඩදෙන්න එපා

උත්සව සමයේ දරුවන්ට ගිනිකෙළි භාවිතයට ඉඩ නොදෙන ලෙස ජාතික අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුරත්න මහතා සඳහන් කළේය.

සිංහල හින්දු නව අවුරුදු උදාවත් සමග විවිධ ආකාරයේ අනතුරු හේතුවෙන් ඇසට සිදුවන අනතුරුවල වර්ධනයක් දැකිය හැකි බව ඔහු පෙන්වා දෙයි.

අනවශ්‍ය අවදානමක් ගැනීම සහ නොදැනුවත්කම ආදී දෑ මෙවැනි අනතුරු සඳහා හේතු වන බවද ඔහු අවධාරණය කළේය.

උත්සව සමයේ රතිඤ්ඤා සහ ගිනිකෙළි භාණ්ඩ පරිභෝජය වැඩිවීමත්, ගෘහස්ථ අනතුරු සහ මාර්ග අනතුරු වැඩිවීමත් සිදුවන බවද හෙතෙම කියයි.

මෙවැනි අනතුරු හේතුවෙන් නව අවුරුද්දේ ආරම්භයේ රෝහල්ගතකිරීමේ සිට ජීවිතාන්තය දක්වාද දෑස් අහිමිවීමක් හෝ ස්ථිර පෙනීම අඩුවීමක් සිදුවිය හැකි බවද ඔහු පැවසුවේය.

සමීක්ෂණ දත්ත අනූව ගිනිකෙළි ද්‍රව්‍ය නිසා ඇතිවන අනතුරු අතරින් වඩාත්ම බහුල වන්නේ අත් ඇඟිලිවලට සිදුවන අනතුරු බවද මෙය 46%ක් පමණ වෙයි.

අනතුරු තුවාල වලින් 17%ක් ඇස් වලටද තවත් 17%ක් මුහුණ හිස ඇතුළු ප්‍රදේශ ආශ්‍රිතවද සිදුවන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මෙහිදී අනතුරු බහුල වන්නේ කුඩා පිරිමි දරුවන් සහ තරුණයින් අතර බවද අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුරත්න මහතා සඳහන් කළේය.

කිසි විටෙක කුඩා ළමුන් විසින් ගිනිකෙළි දැල්වීමක් නොකළ යුතු බවද සෑම විටම වැඩිහිටියෙකුගේ අනුදැනුම මත ගිනිකෙළි ද්‍රව්‍ය භාවිතා කළ යුතු බවද ඔහු පැවසුවේය.

නොදැල්වුණු රතිඤ්ඤා නැවත දැල්වීම නොකළ යුතු බවද දැල්වීම සිදුකළ යුත්තේ විවෘත ස්ථානවල පමණක් බවද ඔහු සඳහන් කළේය.

ඉතා කුඩා අත්වැරදීමකින් ඔබගේ දරුවාගේ හෝ තරුණ වැඩිහිටි ඔබගේ ජීවිතයට නිවැරදි කළ නොහැකි කැළලක් ඉතිරි විය හැකි බව අමතක නොකරන ලෙසද වෛද්‍යවරයා අවධාරණය කළේය.

එළඹෙන සිංහල හින්දු නව අවුරුද්දේ ගිනිකෙළි භාවිතයෙන් වන අනතුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here