Home උණුසුම් පුවත් හොඳට කෑම දෙනවද බලන්න ගිය අයට හමුවූ දේ..(📹)

හොඳට කෑම දෙනවද බලන්න ගිය අයට හමුවූ දේ..(📹)

හොඳට කෑම දෙනවද බලන්න ගිය අයට හමුවූ දේ..(📹)

අවන්හල්, ආහාර ප්‍රවාහන රථ මෙන්ම සංචාරකයන් බහුලව ගැවසෙන ස්ථානවල ආපනශාලා ආශ්‍රිතව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරනු ලබන ආහාරවල සුරක්ෂිතභාවය පරීක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කර ඇති ආහාර සෞඛ්‍ය සතියට සමගාමීව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක ය.

මෙම විශේෂ ආහාර වැටලීමේදී නිසි උෂ්ණත්වය නොතිබුනු හා නිසියාකාරව ගබඩා නොකල වාහන හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද පියවර ගෙන ඇත.

ඒ අනුව බොරලැස්ගමුව, කඩුවෙල, අතුරුගිරිය, ඇලපාත ආදි ප්‍රදේශවල සහ දෙහිවල සත්වොද්‍යානය ආදි ස්ථානවල එම විශේෂ පරීක්ෂාව සිදුකළ ආකාරය පහත ඡායාරූපවලින් දැක්වේ.

පසුගියදා ආහාර විසවීමක් හේතුවෙන් ශ්‍රීපාද වන්දනාකරුවන් කිහිපදෙනකුට අසනීප තත්ත්වයන් ඇතිවීම වාර්තාවීමත් සමඟ ඒ අවට මෙන්ම සංචාරකයන් ගැවසෙන තැන්වල අලෙවි කරන ආහාර පිළිබඳවද පරීක්ෂා කිරීම් ආරම්භ කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here