Home දේශීය පුවත් පාස්කු කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ මාස 03 ක් වැඩ නැතිව ගෙදර

පාස්කු කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ මාස 03 ක් වැඩ නැතිව ගෙදර

පාස්කු කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ මාස 03 ක්  වැඩ නැතිව ගෙදර

පාස්කු ඉරිදා එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කල ජනාධිපති කොමිසමේ කාලය අවසන්වි වීමෙන්ම අනතුරුව පොලිස් මූලස්ථානයට වාර්තා කළ එහි විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ලියනගේ මහතාට මාස තුනකට වැඩි කාලයක් තිස්සේ කිසිදු වගකීමක් පවරා නැති බැවින් නිවසට වී සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

පාස්කු කොමිසමේ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ලෙස ප්‍රියන්ත ලියනගේ මහතාව අනුයුක්ත කරන විට ඔහු පොලිස් මූලස්ථානයේ පිහිටි අපරාධ විමර්ශන කොට්ඨාශයේත් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේත් අධ්‍යක්ෂකධූර දරමින් සිටියේය. ශ්‍රී ලංකා පොලීසියේ කීර්තිමත් නිලධාරියෙක් වන මෙම නිලධාරියාගේ සේවය මාස තුනක් තිස්සේ පොලිස් මූලස්ථානය විසින් ලබා ගන්නේ නැත්තේ පොලීසිය තුළ කළු පුතා සහ සුදු පුතා ලෙස නිලධාරීන් විසින් හදුන්වනු ලබන පොලිස්පතිට සමීප නිලධාරීන් දෙදෙනෙකුගේ උවමනාවකටදැයි මේවන විට පොලිස් නිලධාරීන් අතර දැඩි කථාබහක් හටගෙන තිබේ.

ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රථම හා දැනට සේවයේ නිරතව සිටින එකම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය වන බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මිය දැරූ පොලිස් දුග්ගැනවිලි අංශයෙන් ඇයව ඉවත්කර කාර්ය භාරයක් නොමැති නිලධාරිනියක් බවට පත්කිරීම පිටුපසද සිටින්නේ යැයි පොලිස් නිලධාරීන් අතර කථාබහක් ඇත්තේ කළු පුතා සහ සුදු පුතා යන නිලධාරීන් දෙදෙනා ගැනය. බිම්ෂානි මහත්මිය තමාට වූ අසාධාරණය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික විශ්‍රාමක මේජර් ජනරාල් ජගත් අල්විස් මහතාට ද පැමිණිලි කර තිබුණි. ඒ අනුව ඊයේ (07) පොලිස්පතිවරයාව අමාත්‍යාංශයට කැදවා බිම්ෂානිට වහාම ස්ථානයක් ලබාදෙන ලෙස නියෝගකර ඇතැයි අමාත්‍යාංශ තොරතුරු අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here