Home උණුසුම් පුවත් කතුන් දෙදෙනෙක් එක්ව සිනමා ශාලාවකදී පුද්ගලයකුට කරපු දේ..

කතුන් දෙදෙනෙක් එක්ව සිනමා ශාලාවකදී පුද්ගලයකුට කරපු දේ..

0
කතුන් දෙදෙනෙක් එක්ව සිනමා ශාලාවකදී පුද්ගලයකුට කරපු දේ..

මානිප්පායි හී පිහිටි සිනමා ශාලාවක් තුළදී ධිවර කාර්මිකයෙකුව මත්කර ඔහුගේ ගෙල බැදි රුපියල් ලක්ෂ 05කට ආසන්න වටිනාකමක් ඇති රන් මාලයක් කොල්ලකෑ කාන්තාවන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගැනීමට මානිප්පායි පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ.

මෙම කොල්ලය සිදුව ඇත්තේ පසුගිය 22 වෙනිදා දහවල් සිනමා ශාලාවේ බැල්කනියේදී බව පොලීසිය කියයි. එම අවස්ථාවේදී බැල්කනියේ සිට ඇත්තේ මෙම කතුන් දෙදෙනා සහ ධිවර කාර්මිකයා පමණක් බව පොලීසිය කියයි.

ධිවර කාර්මිකයා අසුන් ගෙන සිටි අසුන දෙපැත්තේ අසුන්වල රැදෙමින් එම කතුන් දෙදෙනා ධිවර කාර්මිකයාට බියර් පොවමින් විනෝද වී ඇති බව පොලීසිය කියයි. එහිදී ධිවරයා මත්වූ පසු කතුන් දෙදෙනා එක්ව ඔහුගේ ගෙල බැදි රන් මාලය කොල්ලකාගෙන ගොස් ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

මෙසේ කොල්ලකෑමට ලක්ව ඇත්තේ 41 හැවිරිදි වියේ පසුවන තිදරු පියෙකි. ඔහු ඒ එක් කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධයක්ද පවත්වාගෙන ගොස් ඇති අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි. එම කාන්තාව සැළසුම් සහගතව ඇගේ මිතුරියක් සමඟ එක්ව මෙම මංකොල්ලයකර ඇති බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here