Home උණුසුම් පුවත් ලොව එකම සංචාරක කාන්තා ත්‍රාසජනක තරඟාවලිය මහනුවරදී ඇරඹෙයි

ලොව එකම සංචාරක කාන්තා ත්‍රාසජනක තරඟාවලිය මහනුවරදී ඇරඹෙයි

ලොව එකම සංචාරක කාන්තා ත්‍රාසජනක  තරඟාවලිය මහනුවරදී ඇරඹෙයි

ලොව එකම සංචාරක කාන්තා ත්‍රාසජනක තරඟාවලිය වන Raid Amazones 2023′ ත්‍රාසජනක තරගාවලිය ප්‍රංශ ක්‍රීඩිකාවන් 250 දෙනෙකු තරඟවදිමින් මහනුවර දී ඊයේ (22) ආරම්භ විය.

එහි දෙවනි දිනය වූ අද (23) ක්‍රීඩිකාවන් වික්ටෝරියා ජලාශයේ ඔරුපැදීමේ තරගය සදහා එක්වූහ.

Raid Amazones හි නිල ගුවන් සේවා හවුල්කරුවා ලෙස කටයුතු කරන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවයයි.

තරගයේ ආරම්භක දිනය වූ ඊයේ දිනයේ මෙම ප්‍රංශ ක්‍රීඩිකාවන් හන්තානේ සිට ගලහ දක්වා කිලෝමීටර් 11 ක් පමණ දුරක ධාවන තරගයකට සහභාගි විය.

මාර්තු මස 28 වෙනි දින දක්වා මෙම ක්‍රීඩිකාවන් බයිසිකල් පැදීම, දිවීම ඇතුලු විවිද තරග ඉසව් සදහා එක්වීමට නියමිතයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here