Home උණුසුම් පුවත් විහාර භූමියේ නිධන් හෑරූ භික්ෂු දෙනමක් පොලිස් අත්අඩංගුවට

විහාර භූමියේ නිධන් හෑරූ භික්ෂු දෙනමක් පොලිස් අත්අඩංගුවට

0
විහාර භූමියේ නිධන් හෑරූ භික්ෂු දෙනමක් පොලිස් අත්අඩංගුවට

නිධානයක් ගොඩගැනීමට කැණිමක් කරමින් සිටි භික්ෂූන් දෙනමක් පේරාදෙණිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගන්නෝරුවේ පිහිටි ගල්ලෙන් වන සෙනසුන විහාරයේ වැඩ සිටින භික්ෂූන් දෙනමකි. එක් භික්ෂුවක් වයස අවුරුදු 58ක් වන අතර අනෙත් භික්ෂුවගේ වයස අවුරුදු 30කි.

මෙම භික්ෂූන් දෙනම නිධන් හාරා ඇත්තේ තමන් වහන්සේ වැඩ සිටින සෙනසුනේ පිටුපස කොටසේ ගල්තලාවක් බිද දමමිනි.

මේ ගැන පේරාදෙණිය පොලීසියට ලද තොරතුරකට අනුව ගොස් පරීක්ෂාකර උන්වහන්සේ දෙනම අත්අඩංගුවට ගෙන ඇත්තේ කැණිම් සඳහා යොදාගත් උපකරණද රැගෙනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here