Home උණුසුම් පුවත් ‘තැපැල් ඡන්ද පත්‍රිකා දින 5න් දෙනවා’ – මුද්‍රණාලාධිපතිනිය

‘තැපැල් ඡන්ද පත්‍රිකා දින 5න් දෙනවා’ – මුද්‍රණාලාධිපතිනිය

0
‘තැපැල් ඡන්ද පත්‍රිකා දින 5න් දෙනවා’ – මුද්‍රණාලාධිපතිනිය

තැපැල් ඡන්ද නිකුත් කිරීමට අවශ්‍ය ඡන්ද පත්‍රිකා දින 05ක් ඇතුළත මුද්‍රණය කොට මැතිවරණ කොමිෂන් සභාවට භාරදිය හැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනිය දැන්වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඊට අමතරව අනෙකුත් ඡන්ද පත්‍රිකා ද දින 20-25ක් ඇතුළත මුද්‍රණය කොට භාර දිය හැකි බව ඇය විසින් දන්වා ඇත. ඡන්ද විමසීම පැවැත්විමට අදාළ SC/FR/69/2023 දරන අධිකරණ තීන්දුව අනුව යමින් 2023 අප්‍රේල් 25 ඡන්ද විමසීම පැවැත්වීමට හැකිවන පරිදි පවත්නා බාධා ඉවත් කිරිම සම්බන්ධ සාකච්ඡාවේ දී මෙම එකඟතාවන්ට පැමිණ තිබේ.

ඒ අනුව ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළ නඩු තීන්දුව සැළකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මගින් අවශ්‍ය මුදල් ලබා ගන්නා ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත.

කෙසේ වෙතත් මේ වනවිට අදාළ තිරණය ගැනිම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ද කැබිනෙට්ටුවට හා මුදල් අමාත්‍යවරයාට පවරා ඇති බව මාධ්‍ය වාර්තා පළවිය.

මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණයේ දි ආරක්ෂාවට අවශ්‍ය වන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලිඛිතව දන්වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) දන්වා ඇත‍.

ඡන්ද විමසීමට අදාළ ඉන්ධන ලබා දිම සම්බන්ධයෙන් දින කිහිපයක් තුළ තිරණයක් ලබා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ නිලධාරින් හා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරිහු එකඟ වූ බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායකගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here