Home උණුසුම් පුවත් අද සිට රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන සහ විභාග කටයුතු නවතී!

අද සිට රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන සහ විභාග කටයුතු නවතී!

අද සිට රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන සහ විභාග කටයුතු නවතී!

සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍ය්‍යන සහ විභාග කටයුතු අත්හිටුවන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අද නිවේදනය කළේය.

අද සිට අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක වන බව ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

ලබන 13 වැනිදා සිට සතියක් වැඩ වර්ජනයක සිට ඕනෑම වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව ද එම සම්මේලනය කියාසිටී.

ලබන 15 වැනිදා මෙරට සියලු සේවා වෘත්තිය සමිති වර්ජනයක නිරත වන බව ද ඔවුහු පැවසූහ.

මේ අතර කැළණිය විශ්වවිද්‍යාලය ආචාර්යවරුන් සහ අනධ්‍යන සේවක පිරිස් මෙන්ම කොළඹ සරසවියේ අනධ්‍යයන සේවකයෝ ද අද (09) විරෝධතාවක නිරත වෙති.

රජයේ බදු ප්‍රතිපත්තිය, ඉහළ යන ජීවන වියදමට සහ විදුලි ගාස්තුවට විරෝධය දක්වමින් එම විශ්වවිද්‍යාල ඉදිරිපිට ඔවුහු විරෝධතාවක නිරත වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here