Home උණුසුම් පුවත් ලක්ෂ 50ක රන් මාලයක් කොල්ලකෑ රගර් ක්‍රීඩකයා කොටු

ලක්ෂ 50ක රන් මාලයක් කොල්ලකෑ රගර් ක්‍රීඩකයා කොටු

0
ලක්ෂ 50ක රන් මාලයක් කොල්ලකෑ රගර් ක්‍රීඩකයා  කොටු
Cropped shot of an unrecognizable rugby player preparing for a kick on the field during the day

ව්‍යාපාරිකයෙකුගේ ගෙලබැදි රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා පවුම් 26ක් බරැති රන් මාලයක් කොල්ලකා පළාගිය ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ වයර 06ක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුව කදාන පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දෙල්ගොඩ පනන්වල පදිංචිකරුවෙක් වන කුමාර් ප්‍රේමරත්න (38) නැමැති මෙම රගර් ක්‍රීඩකයා අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙකි.

මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට ඔහු මුදල් සොයා ගන්නේ යතුරු පැදියකින් ගොස් කාන්තාවන් ඇතුළු විවිධ පුද්ගලයින්ගේ ගෙල බැදි රන් මාල කොල්ලකමින් ඒවා උකස්කරමින් බව පොලීසිය කියයි.

ලක්ෂ 50ක් වටිනා රන් මාලය මොහු විසින් කොල්ලකා ඇත්තේ පෙබරවාරි 20 වෙනිදාය. හෝටල් හිමි ව්‍යාපාරිකයෙකු සිය නිවස ඉදිරිපිට අප ජලය බැස යන කාණුවක් පිරිසිදු කරමින් සිටියදී ඔහු අසලට පැමිණි මෙම රගර් ක්‍රීඩකයා රන් මාලය කඩාගෙන යතුරුපැදියේම නැගී පළාගොස් තිබුණි.

මෙම සොරකම ගැන ආරක්ෂක කැමරා දර්ශන විශ්ලේෂණය කරමින් කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම රගර් ක්‍රීඩකයාව අද අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here