
නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානිට වසාම සුදුසු ස්ථානයක් ලබාදෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා අද (07) පොලිස්පතිවරයාට නියෝගකර තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය වන බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මිය පොලිස් දුග්ගැනවිලි අංශයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටී. එහෙත් එකුත් 01 වෙනිදා සිට ඇය යටතේ සිටි නිලධාරීන් සියළු දෙනාම පොලිස්පති මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා යටතට පත්කර බිම්ෂානි කිසිදු කාර්ය භාරයක් නොමැති නිලධාරිනියක් බවට පත්කර ඇත. එය සිදුව ඇත්තේ අමාත්‍යාංශ ලේකම් හෝ රාජ්‍ය සේවා කොමිසමට කිසිදු දැනුම් දීමකින් තොරවය.
මෙම ක්‍රියාව ගැන නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි මහත්මිය අමාත්‍යාංශ ලේකම් දැනුවත් කිරීමෙන් අනතුරුව අද පෙරවරුවේදී පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාව සහ නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මියව අමාත්‍යාංශයට කැදවා තිබේ. එහිදී අමාත්‍යාංශ ලේකම් ජගත් අල්විස් මහතා දීර්ඝ ලෙස කරුණු විමසීමෙන් අනතුරුව පොලිස්පතිවරයාට නියෝගකර ඇත්තේ වහාම බිමිෂානි ජාසිංහආරච්චිට නියෝජ්‍ය පොලිස්පති දිසාවක් භාරදෙන ලෙසටය.