Home උණුසුම් පුවත් මොනරාගල දිස්ත්‍රික්කයේ භු චලනයක්

මොනරාගල දිස්ත්‍රික්කයේ භු චලනයක්

මොනරාගල දිස්ත්‍රික්කයේ භු චලනයක්

මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට මීට ටික වේලාවකට පෙර (පෙබ. 10) රිච්ටර් මාපකයේ ඒකක 3ක ප්‍රබලත්වයෙන් යුත් සුළු චලනයක් වාර්තා වී තිබේ.

භූ විද්‍යා පර්යේෂණ හා කැණීම් කාර්යංශය පවසන්නේ මෙය බුත්තල පිහිටි පැල්වත්ත සීනි කම්හල ආසන්නයේ සිදුවී ඇති බවයි.

උතුරු අක්ෂාංශ 6.73, නැගෙනහිර දේශාංශ 81.18 හිදී කිලෝමීටර් 10ක් ගැඹුරින් එහි කම්පන කේන්ද්‍රය සටහන් වී ඇත.

කෙසේවෙතත් මෙම භූ චලනයෙන් දැඩි බලපෑමක් නැතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here