Home උණුසුම් පුවත් “PAYE බද්ද අහෝසි කළොත් රු.බිලියන 100ක් රටට අහිමි වෙනවා” -ජනපති

“PAYE බද්ද අහෝසි කළොත් රු.බිලියන 100ක් රටට අහිමි වෙනවා” -ජනපති

“PAYE බද්ද අහෝසි කළොත් රු.බිලියන 100ක් රටට අහිමි වෙනවා” -ජනපති

“අනතුරුදායක වැල් පාලමේ සෑහෙන දුරක් ශ්‍රී ලංකා මාතාව ආරක්ෂිතව පැමිණ තිබෙනවා. හැබැයි තවම ගමන ඉවර නෑ.” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය අරඹමින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනි.

“මේ බදු පැනවුයේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් අපි කැමති දේ කළ පමණින් රට ගොඩනගන්න බෑ. අකමැත්තෙන් වුවත් නිවැරදි දේ කළ යුතුයි. උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළොත් රටට රු බිලියන 100ක් අහිමිවෙනවා. බදු සීමාව ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවුවොත් රටට බිලියන 63ක් අහිමිවෙනවා. අහිමිවෙන සම්පුර්ණ මුදල රු 163ක්. මේ මුදල අහිමිකර ගන්න පුළුවන් තැනක නෙමෙයි අපි අද ඉන්නේ…

සමාජයේ සියලු කොටස්වල ජීවත් වෙන්න අමාරුයි. නමුත් තව මාස 5ක් 6ක් වැනි කෙටි කලක් මේ අමාරුව විඳ දරා ගත්තොත් අපිට විසඳුමක් වෙත යන්න පුළුවන්. මේ විදිහට ඉදිරියට ගියොත් අවුරුද්දේ 3 වෙනි 4 වෙනි කාර්තුවේදී රජයේ සේවකයින්ට වැඩිපුර දීමනාවක් ලබාදෙන්න අපිට පුළුවන්. පුද්ගලික අංශයට සහන ලබාදෙන්න පුළුවන්. මුළු රටේම ජවතාවගේ අතමිට අදට වඩා සරුකරන්න පුළුවන්. රැකියා ආදායම් මාර්ග වැඩි කරන්න පුළුවන්. බැංකු පොලිය අඩුකරන්න පුළුවන්. තව අවුරුදු තුනක් ගතවෙද්දී අද ලබන ආදායමට වඩා 75%ක් පමණ වැඩි ආදායමක් ලබන්න රටේ ජනතාවට පුළුවන්…” යැයි ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා විසින් අද ඉදිරිපත් කළ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය පහතින්.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/ranil-W.pdf” title=”ranil W”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here