Home උණුසුම් පුවත් 75 වැනි නිදහස් දිනය බෙයිජිං නුවරදී සැමරේ

75 වැනි නිදහස් දිනය බෙයිජිං නුවරදී සැමරේ

75 වැනි නිදහස් දිනය බෙයිජිං නුවරදී සැමරේ

75 වන නිදහස් දිනය බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී උත්සවශ්‍රීයෙන් සැමරේ. චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙන්ම චීන ජාතිකයෝ පිරිසක් ද එක්වූහ.

ජාතික ධජය ආරෝහණයෙන් පසු, බෙයිජිං නුවර ලින්ගුවන් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ විසින් ආගමික වතාවත් පවත්වනු ලැබීය.

නිදහස් දින සැමරුම් උත්සවය ඇමතූ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පැවසුවේ, ශ්‍රී ලංකා – චීන සමීප සබඳතාව මගින්, ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ පා සිටින අභියෝග ජයගැනීමට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විශාල පිටුබලයක් ලැබෙනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here