Home දේශීය පුවත් පොලිස් අධිකාරීවරු 05කට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූර

පොලිස් අධිකාරීවරු 05කට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූර

0
පොලිස් අධිකාරීවරු 05කට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූර

පොලිස් අධිකාරීවරු පස් දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු ලෙස උසස් කර තිබේ.

ඊට අදාල පොලිස්පතිවරයා විසින් අත්සන් තැබූ නියෝගය ඊයේ නිකුත්කර ඇත.

ඊට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් වීම් ලැබූ පොලිස් අධිකාරීවරුන් වන්නේ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශ 04 (විශ්‍රාමික ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂක අංශය) සේවයේ නිරත එස්.එච්.ඩී.ජේ.චන්ද්‍රකුමාර, විශේෂ කාර්යාංශයේ එම්.ආර්. නූර්දීන්, පොලිස ප්‍රවාහන කොට්ඨාශයේ වයි.ජී.ආර්.එම්.රිෆාද්, ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ කේ.බී. මනතුංග, අගමැති ආරක්ෂක කොට්ඨාශයේ එම්.එච්.කේ.එස්.ද සිල්වා ජයසේකර යන මහත්වරුන්ය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි හදිසි රාජකාරි අවශ්‍යතා මත පොලිස්පතිවරයා විසින් මෙම නිලධාරීන්ගේ උසස් වීම් ක්‍රියාත්මක කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here