Home උණුසුම් පුවත් බොරු දළදා පත්තිරිප්පුව ඉවතට

බොරු දළදා පත්තිරිප්පුව ඉවතට

බොරු දළදා පත්තිරිප්පුව ඉවතට

සමාජය තුළ ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන කුරුණෑගල, වදාකඩ පාරේ පොතුහැර ඉදිකර ඇති මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අකෘතිය හා සමාන ගොඩනැගිල්ලට අයත් පත්තිරිප්පුව සහිත කොටස ඉවත් කිරීමට අද (8) පෙරවරුවේ ආරම්භ කර තිබේ.

ඒ එහි හිමිකරු වන ජානක සේනාධිපති නමැත්තා විසින් බව සඳහන් ය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට සමාන ගොඩනැගිල්ලක් ඉදිකර, ජනතාව රවටමින් මුදල් හා රන් භාණ්ඩ එකතු කිරීමේ ව්‍යාපාරයක ජනක සේනාධිපති නමැත්තා යෙදී සිටින බවට චෝදනා කරමින් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් සමඟ දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා ජනාධිපතිවරයා වෙත පසුගියදා ලිඛිතව දැනුම් දී තිබුණි.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබූ අතර පොලිස් පරීක්ෂණයක් ද ඇරඹිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here