Home උණුසුම් පුවත් ශ්‍රී ලංකාව පරදා ඉන්දියාව තරගාවලිය ජයගනී

ශ්‍රී ලංකාව පරදා ඉන්දියාව තරගාවලිය ජයගනී

0
ශ්‍රී ලංකාව පරදා ඉන්දියාව තරගාවලිය ජයගනී

තරග තුනකින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

අද(07) පැවැති තෙවැනි හා තීරණාත්මක තරගය ලකුණු 91කින් ජය ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත්විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 228ක් ලබා ගත්තේය. පන්දු පනස් එකක දී ලකුණු 112 ලබාගත් සූරියකුමාර් යාදෙව් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.

පළමු තරගය ඉන්දියාව ජයගත් අතර මෙම තරගාවලියේ දෙවැනි තරගය ශ්‍රි ලංකාව ජය ගත්තේය. මේ නිසා අවසාන හා තෙවැනි තරගය අවසන් මහා තරගයක විලාසයක් ගත්තේය. කෙසේ වෙතත් සූරියකුමාර් යාදෙව් තරගයේ විරයා බවට පත්වෙමින් ඉන්දියාව ජයගත්තේය. ඒ අනුව ඉන්දියාවේ දී තරගාවලි ජයක් ලැබිමට තිබු අවස්ථාව දසුන් ශානක ඇතුළු ශ්‍රි ලංකා කණ්ඩායමට අහිමි විය.

ඉන්දියාව 228/5 (20)

ශ්‍රී ලංකාව 137/10 (16.4)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here