Home උණුසුම් පුවත් නව වසරේ ආශිර්වාද පතා ආ සැදැහැවතුන්ගෙන් දළදා මාළිගාව පිරීයයි

නව වසරේ ආශිර්වාද පතා ආ සැදැහැවතුන්ගෙන් දළදා මාළිගාව පිරීයයි

නව වසරේ ආශිර්වාද පතා ආ සැදැහැවතුන්ගෙන් දළදා මාළිගාව පිරීයයි

උදාවූ නව වසරේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනිම සඳහා දහස් සංඛ්‍යාත සැදැහැවතුන් අද පෙරවරුවේ සිට ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙමින් සිටිති.

නව අවුරුද්දේ සිතුම් පැතුම් සඵල කර ගැනීමේ අපේක්ෂාවෙන් පැමිණි සැදැහැවතුන් දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ආගමික වතාවත්වල නිරත වූහ.

නව අවුරුද්ද නිමිත්තෙන් නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව් මහා දේවලයන්හීද විශේෂ ආගමික වැඩසටහන් පැවැත්විණි.

එමෙන්ම මහනුවර බහිරවකන්ද ශ්‍රී මහ බෝධි මහා විහාරය, ගැටඹේ රාජෝපවනාරාම විහාරය ඇතුලු විහාරස්ථානවල ද අලුත් අවුරුදු උදාව වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහන් සිදු කෙරිණි.


 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here