Home COVID පිළියන්දල ලොක්ඩවුන් ඉවත් කිරීම ගැන ගාමිණි ලොකුගේ කට අරී

පිළියන්දල ලොක්ඩවුන් ඉවත් කිරීම ගැන ගාමිණි ලොකුගේ කට අරී

පිළියන්දල ලොක්ඩවුන් ඉවත් කිරීම ගැන ගාමිණි ලොකුගේ කට අරී

කොවිඩ් 19 වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ප්‍රදේශයක් ලෙස සෞඛ්‍ය අංශ විසින් හදුනා ගත් පිළියන්දල පොලිස් වසම හුදෙකලා කර පැය කිහිපයකින් නැවතත් ඒ තත්වය වෙනස්කරමින් ග්‍රාම සේවා වසම් කිහිපයක් පමණක් හුදෙකලා කිරීම ගැන මේ වන විට සමාජයේ ඇත්තේ දැඩි කථාබහකි.

ප්‍රවාහන ඇමති ගාමිණි ලොකුගේ මහතාගේ නමද ඊට ඈදී ඇත. ඒ සම්බන්ධයෙන් ගාමිණී ලොකුගේ ඇමතිවරයා සිය සමාජ ජාල ගිණුම ඔස්සේ පැහැදිලි කිරීමක් කර තිබේ. එම පැහැදිලි කිරීම මෙසේය.

“පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට ග්‍රාම සේවා වසම් 42 කි .මෙම ග්‍රාම සේවා නිලධාරි වසම් පෙර දැනුම් දිමකින් තොරව ක්ෂණකවම සංචරණය සිමාකොට හුදකලා කිරිම තුළින් ජන ජිවිතයට විශාල බලපැමක් සිදුවු බව රහසක් නොවේ.

දෛනිකව මුදල් උපයා ගනිමින් ජන ජිවිතය ගැට ගසා ගන්නා විශාල පිරිසක් සිටින මෙම ප්‍රදේශය තුල ක්ෂණිකව සිදුකල මෙම හුදකලා කිරිම ගැටලුවක් විය.

සෞඛ්‍ය අංශ මගින් ලබා ගත් තොරතුරු මත කොවිඩ් 19 වසංගත රෝගයට විශාල ලෙස ගොදුරු වි සිටින ප්‍රදේශ තව දුරටත් එම හුදකලා තත්වයේ පවත්වාගෙන යාම හා ඉතා අවම ලෙස රෝගය ව්‍යප්ත වි ඇති ග්‍රාම නිලධාරින් වසම් හුදකලා බවින් නිදහස් කර දෙන ලෙස ප්‍රදේශයේ මහජන නියෝජිතයා ලෙස ප්‍රදේශවාසින් මාගෙන් කරන ලද ඉල්ලිම සලකා බලා එයට අවශ්‍ය විසදුමක් ලබා දිමට සෞඛ්‍ය නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කිරිමක් මා විසින් කල බව පමණක් දන්වමි.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here