Home දේශීය පුවත් උණුසුම් පුවත් පිළියන්දල ලොක්ඩවුන් කරනවාද? නැද්ද?

පිළියන්දල ලොක්ඩවුන් කරනවාද? නැද්ද?

පිළියන්දල ලොක්ඩවුන් කරනවාද? නැද්ද?

මේ වන විට ආන්දෝලනයට තුඩුදී ඇති පිළියන්දල පොලිස් වසම හුදෙකලා කිරීම සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත විශේෂ තාක්ෂණික කණ්ඩායමක් අද (05) පිළියන්දල සහ කැස්බෑව ප්‍රදේශ ආශිතව විමර්ශනයක් පැවැත්වීමට නියමිතව ඇත.

පිළියන්දල පොලිස් වසම හුදෙකලා කරන්නේද? නැද්ද? යන්න පැහැදිලිවම තීරණයක් එම තාක්ෂණික කණ්ඩායම තමාට ලබාදෙන වාර්තාවට අනුව තීරණය කරන බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරයි.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී බලප්‍රෙද්ශය තුළ මේ වන විට කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය සීග්‍රෙයන් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව පසුගිය දා පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කළ බව පිළියන්දල සෞඛ්‍ය සේවා බලධාරීන් සදහන් කරයි. එහෙත් පැය කිහිපයක් ඇතුලත පිළියන්දල පොලිස්වසම හුදෙකලා බවින් මුදාහැර ග්‍රාමසේවා වසම් කිහිපයක් පමණක් හුදෙකලා කිරීමේ නිවේදනයක් නිකුත් විය. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දිගින් දිගටම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතාගෙන් කළ විමසීමේදී ඔහු සදහන් කරනු ලැබුවේ පිළියන්දල හුදෙකලා බවින් මුදා හැරීම තමාගේ අනුදැනුමකින් තොරව සිදුවූවක් බවත් එය කළේ කවුරුන්දැයි තමාට නම් වශයෙන් සදහන් කළ නොහැකි බවත්ය.

පිළියන්දල පොලිස් බල ප්‍රදේශය තුළ කළ අහඹු පී.සී,ආර්. පරීක්ෂණ සදහා යොමු කළ පුද්ගලයින් 95 දෙනෙකුගෙන් 72 දෙදෙනකුට කොව්ඩි ආසාදිත බව අද (05) තහවුරු වන්නේ මෙවන් තත්වයක් පිළියන්දල සම්බන්ධයෙන් පවතින මොහොතකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here