Home උණුසුම් පුවත් හමුදා සෙබලියගේ නිරුවත ලෝකෙට පෙන්වන්න ගිය බාබර් සී.අයි.ඩී. අත්අඩංගුවට

හමුදා සෙබලියගේ නිරුවත ලෝකෙට පෙන්වන්න ගිය බාබර් සී.අයි.ඩී. අත්අඩංගුවට

0
හමුදා සෙබලියගේ නිරුවත ලෝකෙට පෙන්වන්න ගිය  බාබර් සී.අයි.ඩී. අත්අඩංගුවට

නිරුවත් ඡායාරූප අන්තර් ජාලය ඔස්සේ ප්‍රසිද්ධකරන බව කියමින් යුද හමුදා සෙබලියක් බිය ගන්වමින් ඇයට තමා සමඟ එකට සිටීමට එන ලෙසට තර්ජනය කළ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන කරණවෑමියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොල්ගහවෙල කුලීපිටියේ පදිංචිකරුවෙක් වන 24 හැවිරිදි තරුණ කරණවෑමියෙක්ව මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සෙබලිය කෑගල්ලේ පදිංචිකාරියකි. ඇය සිය පෙම්වතාට වට්ස්ඇප් මගින් යැවූ නිරුවත් ඡායාරූප මෙම කරණවෑමියාගේ අතට ලැබී ඇයව මෙසේ බියගන්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here