Home උණුසුම් පුවත් ඩුබායි පැන්න කොල්ලුපිටිය මාරක අනතුරේ රියදුරු අත්අඩංගුවට

ඩුබායි පැන්න කොල්ලුපිටිය මාරක අනතුරේ රියදුරු අත්අඩංගුවට

0
ඩුබායි පැන්න කොල්ලුපිටිය මාරක අනතුරේ රියදුරු අත්අඩංගුවට

කොල්ලුපිටියේදී මාරක රිය අනතුරක්කර ඩුබායි බලා පළාගිය රියදුරා ඊයේ රාත්‍රී කාලයේදී ඩුබායි සිට නැවත මෙරටට පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් සියභාරයට ගෙන පොලීසියට භාරදී ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් ඔහුගෙන් කොල්ලුපිටිය පොලීසියේ රථවාහන අංශය විසින් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන්කරගෙන තිබේ. වයස අවුරුදු 26ක් වන මෙම සැකකරු වැල්ලම්පිටියේ පදිංචිකරුවෙකි.

පසුගිය 10 වෙනිදා උදෑසන කාලයේ කොල්ලුපිටියේදී ඔහු පැදවූ බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය ගැටෙන්නේ ත්‍රිරෝද රථයකය. එහිදී ත්‍රීරෝද රථයේ රියදුරු මිය යන අතර මෝටර් රථය පැදවූ පුද්ගලයා පැය තුනහාමාරක් ඇතුලත රටින් පළාගොස් තිබුණි. ඒ ඩුබායි රාජ්‍ය වෙතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here