Home උණුසුම් පුවත් හිටපු උපකුලපතිගේ නිල නිවසට පහරදුන් සරසවි සිසුන්ට නඩු

හිටපු උපකුලපතිගේ නිල නිවසට පහරදුන් සරසවි සිසුන්ට නඩු

0
හිටපු උපකුලපතිගේ නිල නිවසට පහරදුන් සරසවි සිසුන්ට නඩු

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයෙක් මෙන්ම පීඨාධිපතිවරයෙක් ලෙස දැනට එම විශ්ව විද්‍යාලයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පදිංචිව සිටින නිල නිවසට පහරදුන් සිසුන්ට එරෙහිව පොදු දේපොල පනතින් නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබේ.

පීඨාධිපතිවරයා පදිංචිව සිටින නිල නිවස පේරාදෙණිය විශ්ව විද්‍යාලය සතු රජයේ දේපොලකි. එම දේපොලට කළ හානිය ගැන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා විසින් අද කළ පැමිණිල්ලක් සැළකිල්ලට ගෙන පොලීසිය මෙම තීරණයට එළඹ තිබේ.

මෙම පහරදීම සිදුවන්නේ පසුගිය 10 වෙනිදා රාත්‍රී කාලයේදීය. 300කට අධික සිසුන් පිරිසක් විසින් නිවස වටකර පහරදී නිවසට හානිකර ඇත. ආරක්ෂක කැමරා දත්ත විමර්ශනය කරමින් මේ වන විට සිසුන් පිරිසක් හදුනාගෙන තිබේ. ඒ අයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය මේ වන විට මෙහෙයුමක්ද ආරම්භකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here