Home උණුසුම් පුවත් ජාවාරම්කරුවකුගෙන් අල්ලස් ගනිද්දීම ඉපලෝගම දූෂණ මර්දන OIC දැලේ

ජාවාරම්කරුවකුගෙන් අල්ලස් ගනිද්දීම ඉපලෝගම දූෂණ මර්දන OIC දැලේ

0
ජාවාරම්කරුවකුගෙන් අල්ලස් ගනිද්දීම ඉපලෝගම දූෂණ මර්දන OIC දැලේ

ඉපලෝගම පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් 30,000ක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අංශයේ නිලදාරීන් විසින් ඊයේ (08 ) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීමකදී අත්අඩංගුවට ගත් නීතිවිරෝධි මත්පැන් ජාවාරම්කරුවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර ඔහුව නිදහස් කිරීමටත් ඉදිරියේදී බාධාවක් නොමැතිව ඔහුට නීති විරෝධි මත්පැන් ජාවාරම කරගෙන යාමටත් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇත්තේ ජාවාරම්කරුගේ සහෝදරයාගෙනි.

පොලිස් ස්ථානය තුළදී මෙම අල්ලස ලබාගන්නා අවස්ථාවේදීම එම නිලධාරීන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමටද අනුරාධපුර පොලිස් බලධාරීන් අද (09) පියවර ගෙන තිබුණි. සැකකරුවන්ව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here