Home උණුසුම් පුවත් සිරිධම්ම හිමිට – වසන්ත මුදලිගේට ඇප

සිරිධම්ම හිමිට – වසන්ත මුදලිගේට ඇප

සිරිධම්ම හිමිට – වසන්ත මුදලිගේට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණයෙන් අද (06) නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් දින 89 ක කාලයක් රඳවා තබා ගෙන සිටියහ.

පසුගිය නොවැම්බර් 17 වැනි දා ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

පසුගිය නොවැම්බර් 23 වැනිදා පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට කොළඹ අතිරෙක මහේස්ත්‍රාත්වරිය ඇප නියම කල අතර අනතුරුව වෙනත් නඩුවක් සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ය.

ඒ, පසුගිය මැයි මාසයේදී ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් පවත්වමින් කලහාකාරි ලෙස හැසිරීම, පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම, රජයේ දේපොළවලට හානී කිරීම යන චෝදනා සම්බන්ධයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here