Home special බටහිර රටවල් රුසියාවට පෙන්නූ ගෑස් නිසා විඳවන යුක්‍රේනය

බටහිර රටවල් රුසියාවට පෙන්නූ ගෑස් නිසා විඳවන යුක්‍රේනය

බටහිර රටවල් රුසියාවට පෙන්නූ ගෑස් නිසා විඳවන යුක්‍රේනය

බටහිර රටවල් විසින් රුසියානු තෙල් සඳහා උපරිම මිලක් නියම කිරීමත් සමඟම රුසියාව විසින් යුක්‍රේනය වෙත දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම මිසයිල ප්‍රහාරයෙන් යුක්රේනයේ ගිනිකොන දෙසින් නිවාස රැසක් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති අතර බොහෝ ප්‍රදේශවල බලය බිඳ වැටී ඇති බවද වාර්තා වේ.

රුසියාවට සිය යුක්‍රේන ආක්‍රමණයට යොදවන අරමුදල් සීමා කිරීමේ අරමුණින් බටහිර රටවල් රුසියානු තෙල් සඳහා උපරිමයක් නියම කරණු ලැබීය.

මෙම ගිහින් මීට පෙර රුසියාව සිය සැපයුම සීමා කර තෙල් මිල ඉහළ දැමීමට ගෙන තිබූ උත්සහය වැලක්වීම එහි අපේක්ෂාව විය.

කෙසේවෙතත් බටහිර රටවල මෙම තීරණයේ මිල යුක්‍රේන ජනතාවට මේවන විට ගෙවීමට සිදුවී තිබේ. ඒ අනුව රුසියාව විසින් යුක්‍රේනයේ විදුලි සැපයුම අඩාල කිරීමට ප්‍රබල ප්‍රහාර එල්ල කරමින් සිටියි.

එම ප්‍රහාර වල ප්‍රතිඵලයක් ලෙස මේවන විට යුක්‍රේනයේ ප්‍රදේශ රැසක බලශක්ති අර්බුදයක්ද හටගෙන තිබේ. මෙම අර්බුද පාලනට විදුලි සැපයීම යලි ස්ථාපිත කිරීමේ ප්‍රයත්නද නව මිසයිල ප්‍රහාරයෙන් අඩපන වී ඇති බවද වාර්තා වේ

කෙසේවෙතත් රුසියාව දිගින් දිගටම බලශක්ති පද්ධතිය වලට හානි කිරීමට පියවර ගතහොත් යුක්‍රේනයට සීත කාලය තුල විශාල අර්බුදයකට සහ මානුෂීය ගැටලුවකට මුහුණ දීමටද සිදුවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here