Home special FIFA බිමේ සිදුවූ විරෝධය සහ ජයග්‍රහණයේ නිහතමානීකම

FIFA බිමේ සිදුවූ විරෝධය සහ ජයග්‍රහණයේ නිහතමානීකම

FIFA බිමේ සිදුවූ විරෝධය සහ ජයග්‍රහණයේ නිහතමානීකම

 

මෙවර කටාර් හී පැවැත්වෙන FIFA ලෝක කුසලානයේදී සුවිශේෂී සිදුවීමේ දෙකක් ඊයේ වාර්තා විය.

එහිදී ජර්මනිය සහ ජපානය අතර පැවති තරඟය ආරම්භ වීමට පෙර ජර්මානු කණඩායම සිය මුඛ අතින් වසාගෙන සිටින අයුරු දැක ගැනීමට හැකිවිය.

ජර්මානු කණ්ඩායමේ මෙම තීරණයට හේතු වූයේ එම කණ්ඩායම් නායකයාට දේදුණු වර්ණ අත් පටියක් පැළද ක්‍රීඩා කිරීමට අවස්ථාව නොදීමට විරෝධය පළ කිරීමක් ලෙසිනි.

මෙම තරඟය ජර්මනිය පරදා ජය ගැනීමට ජපානය සමත් වූ අතර තරඟයෙන් පසුව ජපාන ප්‍රේක්ෂකයන් සමස්ථ ප්‍රේක්ෂකයගාරයම පිරිසිදු කරන අයුරු දැක ගැනීමට හැකිවිය.

මෙලෙස ප්‍රේක්ෂකාගාරය පිරිසිදු කිරීම සම්බන්ධයෙන් මේවන විට විශාල ප්‍රසාදයක් ජපාන ප්‍රේක්ෂකයන් වෙත ලැබී ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here