Home උණුසුම් පුවත් ට්‍රැක් පනින කෝච්චි නිසා වෙනස් වෙන දේවල්

ට්‍රැක් පනින කෝච්චි නිසා වෙනස් වෙන දේවල්

ට්‍රැක් පනින කෝච්චි නිසා වෙනස් වෙන දේවල්

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත සිට දුම්රියෙන් පැමිණෙන නිලධාරීන් සේවයට වාර්තා කිරීමේදී නියමිත රාජකාරී වේලාවේ සිට පැමිණීම සඳහා පැය භාගයක සහ පිටවීම සඳහා පැය කාලක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ දුම්රිය ප්‍රමාදයන් සිදුවීම සැළකිල්ලට ගෙනයි.

රාජකාරියට බාධාවක් නොවන පරිදි අදාළ සහන කාලය ලබා දී ඇත.

මෙම සහනය ලබාගන්නා නිලධාරීන් දිවා ආහාරය ලබාගන්නා වේලාව තුළ අදාළ රාජකාරී හැකිතාක් දුරට ආවරණය කරගැනීමට කටයුතු කළ යුතු ය.

දුම්රිය පීලිපැනීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන දුම්රිය මාර්ගයේ අබලන් සහිත ස්ථානවලදී දුම්රිය අඩු වේගයකින් ධාවනය කිරීම සඳහා වේග සීමා පැනවීමට පසුගියදා පියවර ගත්තේය.

වේග සීමා පැනවීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදය සිදුවිය හැකිය.

එම ප්‍රමාදයන් සැලකිල්ලට ගනිමින් දුම්රිය කාලසටහන අලුතින් සංශෝධනය කිරීමට තීරණය විය.

ඒ අනුව නව දුම්රිය කාලසටහන ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here