Home උණුසුම් පුවත් සරසවිවල නවකවදය ගැන සොයන වගකීම සී.අයි.ඩී.යට පැවරේ

සරසවිවල නවකවදය ගැන සොයන වගකීම සී.අයි.ඩී.යට පැවරේ

0
සරසවිවල නවකවදය ගැන සොයන වගකීම සී.අයි.ඩී.යට පැවරේ

විශ්ව විද්‍යාල සිසුන්ට නවක වදය ලබාදීම් ගැන සියළු විමර්ශන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.

පොලිස් ස්ථානවලට මේ වන විට ලැබී ඇති නවක වදය සම්බන්ධයෙන් වූ සියළු පැමිණිලි සම්බන්ධයෙන් වූ ඉදිරි විමර්ශන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදනවලට අනුව පොලිස්පතිවරයා විසින් මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මින් ඉදිරියට නවක වදය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන සිදුකළ යුතු බවට සහ පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු බවට නියෝග කරමින් අවශ්‍ය උපදෙස් පොලිස්පති විසින් මේ වන විටත් සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here