Home උණුසුම් පුවත් සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ ප්‍රශ්න කඩිනමින් විසඳන්න උපදෙස්

සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ ප්‍රශ්න කඩිනමින් විසඳන්න උපදෙස්

සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ ප්‍රශ්න කඩිනමින් විසඳන්න උපදෙස්

සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ ගැටලු පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කරමින් ඒවා විසඳීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඔවුන්ගේ ගැටලු සහ ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ වැටුප, විශ්‍රාම වැටුප, උසස්වීම් පටිපාටිය සහ ස්ථීර පත්වීම් ලබාදීම ඇතුළු ඔවුන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඊට අදාළ යෝජනා රැසක් ද ඉදිරිපත් කෙරිණි.

සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර යන මහත්වරු ඇතුළු සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, සමෘද්ධි දෙපාර්තමේන්තුව ඇතුළු රේඛීය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here