තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සැරයන්ව යටකර මරා පැන්න මැතිසබේ බස් රියදුරු අත්අඩංගුවට

    සැරයන්ව යටකර මරා පැන්න මැතිසබේ බස් රියදුරු අත්අඩංගුවට

    වැලිවේරිය පොලිසියේ නිලධාරියෙකු යටකර මරා දමා පළාගොස් දින තුනක් තිස්සේ සැඟවී සිටි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් ප්‍රවාහනය කරන බස් රථ රියදුරු අද (01) මල්වතුහිරිපිටිය පොලීසියට පැමිණ භාරවී තිබේ.

    එම රියදුරා පොල්ගහවෙල පදිංචිකරුවෙක් වන සුනිල් කනම්වල නැමැත්තෙකි.

    අනතුරත් සමඟ බියට පත්ව තමා පළා ගිය බව ප්‍රශ්න කිරීම් හමුවේදී රියදුරා පවසා තිබේ. තමා එම අවස්ථාවේදී බීමත්ව නොසිටි බවද ඔහු පොලීස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

    තමා සැගවි සිටියේ පොල්ගහවෙල බවද ඔහු පවසා ඇත. පොලීසිය පොල්ගහවෙල නිවස පසුගිය දින දෙකේම පරීක්ෂාකර ඇතත් ඔහු එහි සිට නැත. ඒ ගැන විමසූ විට ඊට නිසි පිළිතුරක් ලබාදීමට නොහැකිව ඔහු නිහඩව සිටි බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

    මෙම අනතුර සිදුවන්නේ පසුගිය 29 වෙනිදා රාත්‍රී 8.30ට පමණය.

    ගම්පහ කිරිදිවැල මාර්ගයේ මල්කැලේ ප්‍රදේශයේදී බස් රථය පොලිස් නිලධාරියා ගමන්කරමින් සිටි යතුරු පැදියේ ගැටී තිබුණි.

    මෙම අනතුරින් මිය ගියේ වැලිවේරිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් සැරයන් ආනන්ද පෙරේරා මහතාය. වයස අවුරුදු 57ක් වන ඔහු මල්වතුහිරිපිටියේ විලිඹුල පදිංචිකරුවෙකි. සේවය නිමවී ඔහු පොලිස් යතුරු පැදියෙන් සිය නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img