fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැති-ඇමතිලාට රට ගමන් සීමා කරයි

    මැති-ඇමතිලාට රට ගමන් සීමා කරයි

    අය–වැය විවාදය පවත්වනු ලබන කාල සීමාව තුළදී හා පාර්ලිමේන්තු රැස්වීම පවත්වන දිනවලදී අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා රජයේ පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විදේශගතවීම සීමා කර තිබේ.

    ඒ, අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.
    ඒ අනුව හදිසි වෛද්‍යමය අවස්ථාවකදී හෝ රජයේ ඉතා හදිසි කාර්යක් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ට විදෙස්ගතවීම සීමාවනු ඇති.
    2023 වසරට අදාළ අය – වැය විවාදය සඳහා වැඩසටහන් ඉදිරිපත් කරමින් අග්‍රමාත්‍යවරයා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

    ලබන 14 වැනිදා අය-වැය කතාවෙන් පසු දෙවන වර කියවීමේ විවාදය ලබන 15 වැනිදා සිට දෙසැම්බර් 07 වැනිදා තෙක් පැවැත්වෙනු ඇති.

    අය-වැය ඡන්ද වීමසීම පවත්වනු ලබන්නේ ලබන මස 8 වැනිදායි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.