Home උණුසුම් පුවත් ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානය පරාජය කරයි

ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානය පරාජය කරයි

0
ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානය පරාජය කරයි

විස්සයි 20 ලෝක කුසලානය යටතේ අද (01) පැවැති තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරාජය කොට කඩුලු හයක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඇෆ්ගනිස්ථානය කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම තෝරාගත් අතර ඔවුන් ශ්‍රී ලංකාවට ලකුණු 144ක ඉලක්කයක් ලබා දුන්නේය.

සාර් ථක ආරම්භයක් ලබාගත්තත් ප්‍රභල ලකුණු පුවරුවකට යාමට ඇෆ්ගනිස්ථානයට තිබූ ඉඩ ශ්‍රී ලංකා පන්දුයවන්නන් විසින් අහුරනු ලැබීය. වනිදු හසරංග යළි සුපුරුදු දක්ෂතා අතරට එමින් ලකුණු 13කට කඩුලු 3ක් දවා ගත්තේය.

ලකුණු 145ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාව කඩුලු 4ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසුකර ගියේය. ධනංජය සිල්වා පන්දු හතළිස් දෙකක දී නොදැවී ලකුණු 66ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කළේය. ඔහුගේ එම ඉනිම හයේ පහර දෙකකින් සහ හතරේ පහරවල් හයකින් අලංකාර විය.

තරගයේ වීරයා සම්මානය වනිදු හසරංග විසින් හිමිකර ගන්නා ලදි.

ඇෆ්ගනිස්ථානය 144/8 (20)

ශ්‍රී ලංකාව 148/4 (18.3)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here