Home උණුසුම් පුවත් අලි පහරින් අයෙක් මැරුණාට පොලිස් නිලධාරියෙකුට පහරදී ඝාතනය කරලා

අලි පහරින් අයෙක් මැරුණාට පොලිස් නිලධාරියෙකුට පහරදී ඝාතනය කරලා

0
අලි පහරින් අයෙක් මැරුණාට පොලිස් නිලධාරියෙකුට පහරදී ඝාතනය කරලා

වන අලි ප්‍රහාරයකින් අයෙක් මිය යාමත් සමඟ උරණ වූ ගම්වැසියන් පිරිසක් කැබතිගොල්ලෑවේ කළ විරෝධයක් පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරී පිරිසකට ගම්වැසියන් විසින් කළ පහරදීමකින් පොලිස් නිලධාරියෙක් මියගොස් තිබේ.

මෙම සිදුවීම ඊයේ රාත්‍රී කාලයේ සිදුව ඇත.

තත්ත්වය පාලනය කිරීමට පොලීසියට අහසට වෙඩි තැබීමට පවා සිදුව තිබේ.

අලි පහරින් පුද්ගලයකු මිය යාමත් සමඟ භික්ෂුවක් පෙරටුකරගත් සිය ගානක් කැබතිගොල්ලෑව – පදවිය මාර්ගය රඹකැපුවැව ප්‍රදේශයෙන් හරස්කර විරෝධයක් දක්වා ඇත.

පොලිස් නිලධාරීන්ට ඔවුන් විසින් පහරදී ඇත්තේ ගල්මුගුරුවලින් බව පොලීසිය කියයි.

එම ප්‍රහාරවලින් බරපතල තුවාල ලැබා මිය ගිය පොලිස් නිලධාරියා කැබතිගොල්ලෑව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි සැරයන්වරයෙකි.

මෙම නිලධාරියා වාරියපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි අයෙකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හිමිනමක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here