Home උණුසුම් පුවත් විශ්‍රාමික ප්‍රශ්න හොයන්න අගමැතිවරයෙක් පළමුවරට දෙපාර්තමේන්තුවට ගිහින්

විශ්‍රාමික ප්‍රශ්න හොයන්න අගමැතිවරයෙක් පළමුවරට දෙපාර්තමේන්තුවට ගිහින්

විශ්‍රාමික ප්‍රශ්න හොයන්න අගමැතිවරයෙක් පළමුවරට දෙපාර්තමේන්තුවට ගිහින්

විවිධ ස්වභාවික හේතූන් මත පසුගිය කාලය තුළ ලිපිගොනු අස්ථානගත වූ විශ්‍රාමිකයින්ට කඩිනමින් විසඳුම් ලබාදීමට අමාත්‍යාංශ මට්ටමෙන් කමිටුවක් පත් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

මෙහිදී විශ්‍රාමිකයින්ට පවතින ගැටලු පිළිබඳව සොයා බැලු අතර ඊට අවශ්‍ය විසදුම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ මට්ටමින් කමිටුවක් පත්කර ඉතා කඩිනමින් විශ්‍රාමිකයින්ගේ ගැටලු නිරාකරණය කිරීමට උපදෙස් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට අග්‍රාමාත්‍යවරයා මෙහිදී ලබා දෙන ලදී.

රාජ්‍ය සේවයේ වසර ගණනක් තම ජීවිතය කැපකිරීම දායකත්වය ලබාදුන් විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් සමග සුහද කතාබහක ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී එක් විය.

විශ්‍රාමික පාරිතෝෂික දීමනා ලබාදීමට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර, අනුමැතිය ලබා දීම සම්බන්ධව අග්‍රාමාත්‍යවරයාට මෙහිදී විශ්‍රාමිකයින් ස්තුතිය පළ කළේය.

මේ වන විට සමස්ත විශ්‍රාමිකයින් සංඛ්‍යාව 689,770 ක් .

අග්‍රාමාත්‍යවරයෙකු මෙලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණියේ පළමු වරටයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාලිගාවත්තේ පිහිටි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මහජන ගැටළු සොයා බැලීමට හදිසි නිරීක්ෂණයකට එක් අවස්ථාවේදීයී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here