Home special බ්‍රිතාන්‍යයේ නව අගමැති පුටුව ඉන්දිය සම්බවයක් ඇති සුනක්ට?

බ්‍රිතාන්‍යයේ නව අගමැති පුටුව ඉන්දිය සම්බවයක් ඇති සුනක්ට?

බ්‍රිතාන්‍යයේ නව අගමැති පුටුව ඉන්දිය සම්බවයක් ඇති සුනක්ට?

බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා තෝරා ගැනීමේ තරඟයෙන් තමන් ඉවත් වන බවට හිටපු අග්‍රාමත්‍ය බෝරිස් ජොන්සන් නිවේදනය කර තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ මීලඟ අග්‍රාමත්‍යවරයා ලෙස බොහො විට රිෂි සුනක් පත්වීමට ඉඩ පවතින බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ලිස් ට්‍රස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟම ජොන්සන් කැරිබියන් දූපත් වල ගත කරමින් සිටි නිවාඩුව අවලංගු කර යලිත් බ්‍රිතාන්‍යට පැමිණියේය. එහිදී ඔහු අග්‍රාමත්‍ය ධුරයට යලි තරඟ කරන බවට යම් ඉඟියක්ද පළකර තිබිණි.

එහිදී ජොන්සන් හට අග්‍රාමත්‍ය ධුරයට පත්වීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සිය දෙනෙකුගේ සහය ලබා ගැනීමට අවශ්‍යව පැවතිනි. ඒ අනුව තමන් හට මන්ත්‍රීවරුන් 102 දෙනෙකුගේ සහය ලබා ගැනීමට හැකි පවතින බව ජොන්සන් ඊයේ ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් තමන්ට “ජාතික අවශ්‍යතා සඳහා” එකට එක්වීමට සුනක් හෝ අනෙක් තරඟකරු පෙනි මෝර්ඩවුන්ට් පොළඹවා ගැනීමට තමන් අපොහොසත් වූ බවත් ඔහු එහිදී පැවසීය.

“මට බ්‍රිතාන්‍යට ඉදිරිපත් කිරීමට බොහෝ දේ ඇති බව මම විශ්වාස කරනවා, නමුත් මෙය ඊට සුදුසු කාලය නොවේ යැයි මම හිතනවා,” ජොන්සන් ඉරිදා පසුවරුවේදී පැවසීය.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා වශයෙන් රිසි සුනක් පත්විමට බොහෝ ඉඩ ඇති බවට මේ වනවිට වාර්තාවේ. සුනක් එක්සත් රාජධානියේ සවුත්හැම්ප්ටන් ප්‍රදේශයේ උපත ලබා ඇති අතර ඔහුගේ මුත්තා ඉන්දියානු පවුලක ඉන්දියවේ පන්ජාබයේ සිට බ්‍රිතාන්‍යට සංක්‍රමණය වූවන් වේ. සුනක් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ස්ටැන්ෆර්ඩ් උපාධිධාරියෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here