Home දේශීය පුවත් උණුසුම් පුවත් පාසල්, සරසවි, ටියුෂන් නැවත දැනුම්දෙන තුරු වැසේ

පාසල්, සරසවි, ටියුෂන් නැවත දැනුම්දෙන තුරු වැසේ

පාසල්, සරසවි, ටියුෂන් නැවත  දැනුම්දෙන තුරු වැසේ

සියලුම පාසල්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (01) සවස ප්‍රකාශ කළේය.

අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් මහතා අද (01) පෙරවරුවේ සදහන් කරනු ලැබුවේ පාසල් ආරම්භය ලබන 07 වෙනිදා දක්වා කල්යන බවය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සදහන් කරනුයේ අද සවස පැවැති මාධ්‍ය හමුවකදීය.

එසේම එළැඹෙන වෙසක් උත්සවය සහ රාමසාන් උත්සවය ද නිවසට වී සමරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here