Home උණුසුම් පුවත් පාඨලීට පට්ටමක්

පාඨලීට පට්ටමක්

පාඨලීට පට්ටමක්

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පත් කර තිබේ.

ඒ අද (07) පාර්ලිමේන්තුවේ පැවති එම අනුකමිටුවේ පළමු රැස්වීමේදී ය.

සභාපති ධූරය සඳහා චම්පික රණවක මන්ත්‍රීවරයාගේ නම යෝජනා කළේ වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා ය.

එය ස්ථිර කළේ මනෝ ගනේෂන් සහ නසීර් අහමඩ් යන මන්ත්‍රීවරුන් විසිනි.

තේ වගාව දියුණු කිරීම, කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම, කෘෂිකර්මාන්තය ප්‍රතිව්‍යුහගත කිරීම, පොහොර නිෂ්පාදනය, සංචාරක ව්‍යාපාරය, ආදි රටේ අනාගත ආර්ථික සුරක්ෂිතභාවය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී කමිටු සාමාජිකයන් අදහස් දක්වා ඇතැයි සඳහන් ය.

විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සමඟ සාකච්ඡා කර එක් එක් ක්ෂේත්‍රයට අදාළ ආර්ථික සංවර්ධන යෝජනා ඇතුළත් වාර්තාවක් ඔක්තෝබර් 20 වැනිදා ජාතික සභාවට ඉදිරිපත් කිරීමටද එහිදී මන්ත්‍රීවරු එකඟ වී ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here