Home උණුසුම් පුවත් වෛද්‍යවරයෙකුගේ ජීවිතයක් බිළිගත් රාජගිරිය ගුවන් පාලමේ දෝෂය

වෛද්‍යවරයෙකුගේ ජීවිතයක් බිළිගත් රාජගිරිය ගුවන් පාලමේ දෝෂය

0
වෛද්‍යවරයෙකුගේ ජීවිතයක් බිළිගත් රාජගිරිය ගුවන් පාලමේ දෝෂය

කාසල් වීදියේ කාන්තා රෝහලේ සේවයේ නිරතව සිටි තරුණ වෛද්‍යවරයෙකු රාජගිරිය ගුවන් පාලම ආසන්නයේ ඊයේ උදෑසන සිදුවූ රිය අනතුරකින් මියගොස් ඇත.

කාසල් රෝහලේ සේවයට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත්තේ වෛද්‍යවරයා බත්තරමුල්ල දෙස සිට බොරැල්ල දෙසට ගමන් කරමින් සිටියදීය.

රාජගිරිය ගුවන් පාලම පාමුලදී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන පදික වේදිකාවේ තිබුණු විදුලි රැහැන් කණුවක ගැටී අනතුරට ලක්ව ඇතැයි වැලිකඩ පොලිසිය සඳහන් කළේය.

මෙම අනතුරින් මරණයට පත්ව ඇත්තේ ගාල්ල කරාපිටියේ පදිංචිකරුවෙක් වන කල්හාර කොළඹගේ නැමැති වෛද්‍යවරයාය.

පොලීසිය පවසන්නේ ගුවන් පාලමේ කෙළවර ප්‍රධාන මාර්ගයට සම්බන්ධවන ස්ථනයේ ගැටි සහිත පිහිටීම හේතුවෙන් මෙවැනි අනතුරු රැසක් එම ස්ථානයේ සිදුවී ඇති බවය.

මෙම ගැට්ට ගැන අවබෝධයක් නොමැතිව ගුවන් පාලම මතින් ගමන් ගන්නා වාහන වේගයෙන්ම පාලම අවසානයේදී ධාවනය වීමේදී වැඩි හරයක් මෙවන් අනතුරුවලට ලක්වන බවය.

මේ ගැන නිසි බලධාරීන් මෙතෙක් සිය අවධානයට යොමුකර නැති බවත් අඩුම පාලම මත වේගය අඩුකර ධධාවනය කරන ලෙසට අනතුරු අගයීමේ දැන්වීමක්වත් සටහන්ව නැති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here