Home උණුසුම් පුවත් මැයි 9 දා මැතිඇමති නිවාස ගිනිතබන විට බලන් හිටපු 34කට OICකම් නැතිවේ

මැයි 9 දා මැතිඇමති නිවාස ගිනිතබන විට බලන් හිටපු 34කට OICකම් නැතිවේ

0
මැයි 9 දා මැතිඇමති නිවාස ගිනිතබන විට  බලන් හිටපු 34කට OICකම් නැතිවේ

මැයි 09 වෙනිදා රටපුරා ඇතිවුණු නොසන්සුන් තත්ත්වයන් පාලනය කරමින් දේපොල හා ජීවිත හානි වලක්වා ගැනීමට නිසි පියවර නොගත් පොලිස් ස්ථානාධිපතිවරු 34 දෙනෙකුගේ ස්ථානාධිපතිධූර මේ වන විට ගලවා ඇත.

ඒ එම නිලධාරීන්ට ස්ථානමාරු ලබාදෙමින් වෙනත් පොලිස් ස්ථානවල සාමාන්‍ය රාජකාරි සඳහා යොදවමිනි.

ඊයේ දිනයේද පොලිස් ස්ථානාධිපතිවරු 23 දෙනෙක්ට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් ස්ථාන මාරුවීම් ලබාදී තිබුණි.

ඉදිරියේදී එම නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට නියමිතව ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here