Home උණුසුම් පුවත් කරාපිටිය රෝහලේදී රෝගී දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ දොස්තර

කරාපිටිය රෝහලේදී රෝගී දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ දොස්තර

0
කරාපිටිය රෝහලේදී රෝගී දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ දොස්තර

කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 15 හැවරදි දැරිවියකට එහි සේවයකරන වෛද්‍යවරයෙක් විසින් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කිරීමක් සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

කරාපිටිය රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ අංශයේදී මෙම අපරාධය සිදුව ඇත්තේ පෙරේදා (08) ය.

උදරයේ ආබාධයක් හේතුවෙන් මෙම දැරිවිය රෝහල්ගතකර ඇත්තේ පසුගිය 07 වෙනිදාය. 08 වෙනිදා ඇගේ උදරය ස්කෑන් පරීක්ෂාවක් කිරීමට යොමුකර තිබියදී ඇයට එම වෛද්‍යවරයා විසින් බරපතල ලිංගික අපයෝජනයක්කර ඇති බව පොලීසිය කියයි.

එම සිදුවීම අනාවරණය වීමත් සමඟ වෛද්‍යවරයා පළාගොස් සැඟවී සිටියි. ඔහු දෙදෙරු පියෙක් බව පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here